ඕං එක දවසක් සෙනසුරාදා දවසක මගේ මිතුරෙකුගේ කම්පියුටරේට team viewer හරහා ලොග් වෙන්න උනාලු ඈ... ඉතිං ඌත් මගේ ගජ මිතුරෙක් නිසා පුංචිපහේ ආතල් එකක් ගන්නත් එක්ක පොඩි වැඩක් කරන්න හිතුනා...

ඇයි බං උඹ මගේ නම පාස්වර්ඩ් එකට දාගෙන ඉන්නේ.. 

... උඹට පිස්සුද බං.. උඹේ නම දාගෙන ඉන්න මට වෙන වැඩ නෑ කියල හිතුවද...
ටික වෙලාවකින් මම Team viewer එකෙන් කැපුනා ඌට bye කියලා...
මෙන්න බොලේ ටික වෙලාවකින් අරූ මගේ මොබයිල් එකට එක දිගට කෝල් ගන්නවලු ඈ...

මම:- මචං කියපං... මොකක්ද මගෙන් වෙන්න ඕනි..?

… :- මොළේ කොළොප්පන් වෙලා ඕයි ඉන්නෙ... තෝ මොකක්ද මගේ මේ කම්පියුටරේට කොලේ..?

මම:- ඇයි බං..? මගෙත් මොළේ කොළොප්පන් නොකර කියපන් බලන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.. 


…:- යකෝ මගේ පාස්වර්ඩ් එක වැඩ නෑ...

 
මම:- මළා........

…:- තෝ මොකක්ද කලේ..?

මම:- මම මොනවත් කලේ නෑ බං.. 
 උඹ මාව මතක්කරගෙන ගහපන්... මම කිව්වේ පාස්වර්ඩ් එක ඈ... මගේ නම පාස්වර්ඩ් එකට ගහල බලපන්...
 
…:- හා පොඩ්ඩක් හිටු... යකෝ මේක හරි කෙලියක්නේ තොගේ නම තමා පාස්වර්ඩ් එක.. තෝ කොහොමද ඒක වෙනස් කලේ..? අනික බං තියන පාස්වර්ඩ් එක වෙනස් කරද්දි current password ද මොකක්ද ඉල්ලනව නේද..? තෝ මගේ එක දන්නෙ කොහොමද මේ ඩිංගට... තෝ කොහොමද ඒක වෙනස් කලේ..?

මම:- හික්ස්...... දැන් වැඩේ ගොඩනේ... මාව මතක්වෙන්නත් එක්ක පාස්වර්ඩ් එක ඕකම තියාගනින් එහෙනම් ඈ... මම තියන්නද බං..... බුදුසරණයි... සියලු දෙවි රැකවරණයි..

සාමාන්‍යයෙන් පරිගණකයක් ක්‍රියාත්මක මට්ටමේ පවතිද්දී යොදාඇති මුරපදය වෙනස් කරන්න නිසැකවම කලින් යොදාඇති මුරපදය current password කියල ඉල්ලන තැනට ලබාදියයුතුවෙනවා... දැන් උඹලටත් ප්‍රශ්නේ නේද කොහොමද මේක කරන්නේ කියල.. මේං මෙහෙමයි එහෙනම් වැඩේ කරන්නේ...

හලි..හලි... current password නැතිව අනුන්ගේ කම්පියුටරයේ මුරපදය වෙනස් කරන්නයි මේ ලකලෑස්තිය ඈ...

හලි හලි.. කතා ඇති.. මේං එහෙනම් සූත්තරේ... 


windows key + R එහෙමත් නැතිනම් , Start >> All Programs >> Accessories >> Run ඈ...

…හලි... දැන් ඉතිං ඔය ඔතැන lusrmgr.msc කියල ටයිප් කරල එන්ටර් කරමුකෝ...

…Local Users and Groups දිගහැරෙයි ඈ... ඕං ඔතන ඔය Users කියන එක ක්ලික් කොලානම් බලමු... පේනවද දැනට භාවිතවන users ල ලස්සනට පෙන්වන අපූරුව.. හරි... ඔන්න දැන් තමයි වැඩේ ඈ... ඔය user කෙනෙක් උඩින් right click කරන්නකෝ.... හලි හලි... දැන් Proceed ඈ...

මෙන්න බොලේ වැඩක් කෝ... current password ඉල්ලන තැනක් නැහැනෙ.. කෙලින්ම තියෙන්නෙ New Password එකයි ඒක නිවැරදිව ආයෙමත් ටයිප් කරන්න තියෙන Confirm Password කියන එකයි විතරයිනෙ..

දැන් ඉතිං උබට දාන්න ඕන පාස්වර්ඩ් එක ඔතනට දෙන්නකෝ... හරි..දැන් OK දෙන්න...
The Password has been set ලු..... දැන් වැඩේ ගොඩ.. 






ඕං එක දවසක් සෙනසුරාදා දවසක මගේ මිතුරෙකුගේ කම්පියුටරේට team viewer හරහා ලොග් වෙන්න උනාලු ඈ... ඉතිං ඌත් මගේ ගජ මිතුරෙක් නිසා පුංචිපහේ ආතල් එකක් ගන්නත් එක්ක පොඩි වැඩක් කරන්න හිතුනා

Post a Comment

Powered by Blogger.