ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවා කියන අදහස ඒත්තු ගන්වන්න සාධක දෙකක් යොදා ගන්නවා. එකක් තමයි, කියවා බැලිය හැකි සාක්ෂි. පුරාණ පතපොතේ, සෙල් ලිපි ආදියේ ඇති දේවල්, අනෙක තමයි, දකින්න පුළුවන් සාක්ෂි. ඒ කියන්නේ ලෙන් චිත‍්‍ර හා ගල් කැටයම් හා මූර්ති ආදී දේවල්. මේවා ලෝකය පුරා සෑම රටකින් ම පාහේ හමුවෙලා තිබෙනවා. වචන දහසකින් කියන්න පුළුවන් දෙයක් චිත‍්‍රයකින් පෙන්වන්න පුළුවන් කියන කියමන සනාථ වෙන්නේ මේ දේවල් දැකීමෙනුයි.
පිටසක්වළ අමුත්තන්ගේ ලෙන් චිත්ර

අවුරුදු 15,000 පැරණි නිර්මාණ
ගෝතමාලාවෙන් හමුවෙලා තිබෙනවා, කෞතුක කලා භාණ්ඩ. ඒවායින් එකක් ඉතා හොඳින් පැහැදිලිව පෙනෙනවා ගගනගාමී ඇඳුමකින් සැරසී සිටින පුංචි මිනිසෙක්. මුඛ ආවරණයක් ඒ තැනැත්තාගේ පපුවේ තිබෙනවා, ඇඳුමට අයත් පාලක උපාංග පපුව මැද පිහිටා තිබෙනවා. අවුරුදු 15,000 කට ඈත අතීතයේ දී මිනිසා මෙවැනි කලා නිර්මාණයක් නිර්මාණය කළේ ඇයි? කොලොම්බියාවේ පුරාණ සොහොන් ගැබ්වලින් හමුවෙලා තිබෙනවා පුංචි පුංචි නිර්මාණ. මේවා නූතන ගුවන් යානාවලට සමානයි. සමබරව සවිකළ පියාපත්, ඉන්ධන ටැංකි හා බඳ, පිටුපස සමබරව නිර්මාණය කෙරුණු පසුපස තටුව මේවායේ දකින්න ලැබෙනවා. මෙවැනි දේවල් ස්වභාවිකව දකින්න, මේවා නිර්මාණය කළ අපේ පැරැන්නන්ට හැකි වන්නේ නැහැ. මේ නිර්මාණ හදලා තිබෙන්නේ නූතන ගුවන් යානා තාක්ෂණය හොඳින් අධ්‍යයනය කිරීමෙන් කියලා බැලූ බැල්මට පෙනෙනවා. අපේ මුතුන්මිත්තන් මේ නිර්මාණ කළේ අහසේ පියාසර කරමින් තිබෙන යානා දැකීමෙන් ද?
පුරාණ ගගනගාමියා

පලැන්කේ පිරමීඩයේ අබිරහස
වඩාත් පුදුමසහගත අපූරු නිර්මාණය දකින්න ලැබෙන්නේ මෙක්සිකෝවෙනුයි. ඒ මායාවරුන් ගේ පැලැන්කේ පුරාවිද්‍යාත්මක භූමියෙන්. අද මෙම ස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක්. වසර ගණනාවක් අමතක වෙලා තිබුණු මේ දේවාලය සොයා ගත්තේ ස්පාඤ්ඤ ගවේෂකයන් විසිනුයි. මෙහි දකින්න ලැබෙනවා ශත වර්ෂ ගණනාවක් පැරැණි පැලැන්කේ මහා පිරමීඩ. මේ පිරමීඩ පුරාණ දේවාල හා සොහොන් ගැබ් කියලයි සැලකෙන්නේ. එක් පුරාණ පිරමීඩයක් යට තිබෙනවා සොහොන් ගැබක් සැඟවෙලා. මේ සොහොන් ගැබේ තිබෙනවා ගලින් නිර්මාණය කළ කැටයම් හා චිත‍්‍රවලින් අලංකාර කළ මිනී පෙට්ටියක්. මෙහි මිහිදන් කර ඇත්තේ ‘පැකාල් ද ගේ‍්‍රට්’ නම් මහා රජ්ජුරුවෝයි.

සිතියමේ අභිරහස
පිටසක්වළ ජීවීන් පුරාණයේ පෘථිවියට ආවා කියන්න තිබෙන සාක්ෂි රූපාක්ෂර, ලෙන් චිත‍්‍ර සහ මූර්ති විතරක් ම නොවේ. 1929 වසරේ දී ඉතිහාසඥයක් පිරිසකට හමුවුණා සිතියමක්. මේ සිතියම සිතුවම් කරලා තිබෙන්නේ ගිසෙල් නමින් හැඳින්වෙන අපි‍්‍රකා මුව වර්ගයකගේ සමකිනුයි. ඔවුන් ඒ සිතියමේ සුලමුල සෙව්වා. ඒ සිතියම ඇන්දේ 16 වැනි සියවසේ තුර්කි නාවික අද්මිරාල් කෙනෙක් කියලා හෙළි වුණා. ඔහුගේ නම පියරී රීස්. ඒ කාලේ ඇදපු අනෙක් සිතියම්වලට වඩා මේ සිතියමේ වෙනසක් තිබෙනවා. මේ සිතියමට ඇතුළත් වන භූමි ප‍්‍රදේශයන් ඒ වන විට සොයා ගෙන හෝ ගවේෂණය කර තිබුණේ නැහැ. සිතියමේ තිබෙනවා ඇන්ටාක්ටිකාවේ පිහිටීම අයිස් තට්ටුවලට යටින් තිබෙන. ඒක හරිම පුදුමයි නේද ? ඒ කියන්නේ මේ සිතියම නිර්මාණය කරලා තියෙන්නේ ඇන්ටාක්ටිකාව අයිස්වලින් වැසී යන්න කලින්. ඒ කියන්නේ මිලියන ගණනාවකට කලින් ඈත අතීතයේ. යුරෝපා වෙරළ තීරයන් හා උතුරු අප‍්‍රිකාව පවා මේ සිතියමේ ඉතා නිවැරදි ව සිතුවම් කරලා තිබෙනවා. විද්‍යාඥයන් පුදුම කර තිබෙන්නේ සිතියමේ ඇන්ටාක්ටිකාවේ පිහිටීමයි. ඊට හේතුව මේ භූමි ප‍්‍රදේශය සොයා ගනු ලැබුවේත් එය ගවේෂණය කළේත් මේ සිතියම ඇඳීමෙන් අවුරුදු 300 ගණනකට පසුවයි. ඇන්ටාක්ටිකාව වැසී තිබෙන්නේ සැතපුමක් පමණ ඝනකම් අයිස් ආවරණයකිනුයි.
භූමිය විනිවිද දකින්න පුළුවන් විධියේ රේඩාර් තාක්ෂණය අපට ලැබුණේ 1958 වසරේ දීයි. ඒ නිසා 1531 වසරේ දී ඉතා නිවැරදි ව ඇඳපු මේ සිතියම ඇත්තට ම පුදුමාකාරයි. තවත් පුදුමාකාර දෙයක් නම් පෙරී රීස්ගේ එම සිතියම වර්තමාන ලෝක සිතියමක් උඩින් තැබුවොත් පෙනෙනවා පුරාණ සිතියම සෑම පුංචි දෙයකින් ම පවා වර්තමාන ලෝක සිතියමට කොතරම් හොඳින් සමානදැයි කියලා. සොයා ගෙන නොතිබුණු භූමි ප‍්‍රදේශ, ගංගා ඇළදොළ, කඳු වැටි සිතියමක ඇන්දේ කොහොමද? 1531 වසරේ ගුවනින් ගිය කිසිවෙකු හිටියා කියලා අපට කියන්න අමාරුයි. ඒක වෙන්න බැරි දෙයක්. 1531 කියන්නේ ගුවන් යානා ගැන නොසිතූ යුගයක්. ඒ විතරක් නොවේ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු යට සැඟවුණු භූමි ප‍්‍රදේශය දැක්කේ කොහොමද? සමහර විද්‍යාඥයන් කියන්නේ මේ සිතියම ඇඳපු අය කාගෙන් හරි තොරතුරු ලබා ගන්න ඇති කියලයි. ඔවුන් ඇන්ටාක්ටිකාවට නොගිහින් තොරතුරු ගත්තේ කාගෙන්ද? ඒ තොරතුරු කීවේ ගුවනින් ගිය පිටසක්වළ ජීවීන්ද? මේ කිසිදු පැනයකට පැහැදිලි පිළිතුරක් සොයන්න තවමත් කාටවත් හැකියාවක් ලැබිලා නැහැ.
Post a Comment