ලංකාවට හොඳින්ම දර්ශනය වූ UFO එක වාර්තා වුයේ මිට වසර 41 කට පෙර 1971 දිය. අද මෙන් SMS, හෑන්ඩ් ෆෝන්, ටෙලිෆෝන් හෝ එම ප්රදේශවලට යන පත්තර පවා නොතිබූ කාලයේ මේ සමාන කම් මෙම සිද්ධියේ සත්යතාව ඔප්පුකිරිම සඳහා වැදගත් තැනක් ඉසිලිය. පිළිබඳ විස්තර දන්නා කෙනෙක් සොයාගැනීම අසීරු වන අතර Heterodox Ufology වෙබ් අඩවියක පිළිබඳ විස්තර පළවී තිබෙනවාලංකාවේ මෙතෙක් වාර්තා වූ වැදගත්ම හා විස්තරාත්මකම UFO පැමිණීම වාර්තා වුයේ මිට වසර 41 කට පෙර 1971 දිය. එම UFO දර්ශනයේ ඇති විශේෂත්වය නම් තේ වතුවල සේවය කල වතු ජනතාව මෙන්ම ඉහල අද්යාපන මට්ටමක් ලැබූ වතු නිලධාරින්ද මෙම යානය තමන්ට ආසන්නයේ දැකීමත් එය හොඳින් වාර්තා කිරීමට හැකි වීමත් . එම යානය ඉතා හොඳින් නිරීක්ෂණය කළ එවකට හේවාහැට රොක්වුඩ් වතු යායේ අධිකාරි සිටි පර්ල් අබේවික්රම මහතා එය ඉතා හොඳින් චිත්රයට නැගීය .

එය එතෙක් මෙතෙක් ඇසින් දුටු UFO එකක් විස්තරාත්මකව හා පිළිගත හැකි ලෙස චිත්රයට නැඟී හොඳම අවස්ථාවක් ලෙස සැලකේ. මෙන්ම සති කිහිපයකට පසු නැවත වරක් එහි පහත් කල යානයක ඡායාරුප ගැනීමටද මහතා සමත් වියලංකාවේ බොහෝ දෙනෙකුට UFO ගැන අද මෙන් උනන්දුවක් නොවූ, ඉන්ටෙර්නෙට් නොතිබූ ඒකාලයේ මෙය දෙස් විදෙස් පුවත් පත් රැසක වාර්තා විය . කාලයේ මේවට කියන නම වුයේ පියාඹන පිරිසි - Flying Saucers .

හේවාහැට සිද්ධියේ මුල්ම UFO ආගමනය සිදු වුයේ 1971 ජුලි මස 17 වන දිනය

හේවාහැට හොප් වත්තේ සේවය කරන සැහෙන පිරිසක් මෙය දැක ගත් අතර පිලිබඳ ලොමු දැහැගන්වන සිද්ධියකට මුහුණ පාන්නට සිදු වුයේ පට්ටිගම ගොස් නැවත රාත්රී 10.45 පමණ සිය මොරිස් වැගන් කාරයේ බංගලාව වෙත පැමිණෙමින් සිටි සිටි අබේවික්රම මහතා ඇතුළු 4 දෙනෙකුටය.

"අප හොප් වතු යාය මැද්දෙන් එමින් සිටියා. කාර් එකේ මා සහකාර වතු අධිකාරීන් වන ඔස්වින් අල්විස් හා නිමල් දුනුවිල්ලේ සිටියා. එය පදවුයේ රියදුරු සිරිසේන විජේසිංහමුහුදු මට්ටමේ සිට අඩි 6000ක් තරම් උසින් ඇති හොප් වත්තේ මැදින් ඇති පාරේ එනවිට කඳුකරයට උඩින් දීප්තිමත් බෝලයක් වැනි දෙයක් දුටුවා පුර හඳ තරම් හෝ ඊට වඩා මඳක් විශාල තරම්. ඇත්තටම එය ඉතා ලස්සන දසුනක්. අපි රොක්වුඩ් වත්ත දෙසට එනවිට එම වස්තුව අප දෙසට එනු දුටුවා".

මේ අවස්ථාවේදී අබේවික්රම මහතා වාහනය නවත්වන ලෙස උපදෙස් දී සියලු දෙන ඉන් බැස අහස දෙස බල සිට ඇත. මේ වනවිට මෙම දීප්තිමත් වස්තුව පොලවේ සිට අඩි 1000ක් පමණ උසින් කාරයට කිලෝමීටර් බාගයක් තරම් දුරින් අහසේ එක තැන නොසෙල්වී තිබී ඇතඔවුන් දුටු පරිදි එය ගෝලාකාර වස්තුවක් වන අතර මෙහිදී වාර්තා වූ වැදගත්ම දෙයනම් වත්මන් ගුවන් යානයක මෙන් අත් තටු දෙකක් යානයේ දෙපස තිබෙනු ඉතා පැහැදිලිව දැකිය හැකි වීමයඑක වරම මෙය අධික වේගයෙන් ඔවුන් දෙසට විත් යාර 100ක් පමණ උඩින් පොලවට අඩි 100ක් පමණ ඉහල අහසේ නතරව වී නිසොල්මන් වියඇසිපිය ගසන මොහොතක සිදුවූ මෙම සිද්ධියෙන් බියෙන් තැති ගත් රියදුරු විජේසිංහ කාරය ඇතුලට පැන එන්ජිම පනගන්වන්නට උත්සහ කරන අතර තිරිංග නිදහස් කිරීම නිසා (හෑන්ඩ් බ්රේක් රිලීස් කිරීම) බැවුමේ තිබු කාරය පසුපසට තල්ලු වෙන්නට පටන් ගත් අතර අන් තිදෙනාම පන එය හරස් කොට නවත්වා ගෙන ඇත.

ඉතා බියෙන් පසු වුවත් තමන්ට ඉතා ලඟින් තිබු මෙම UFO එක ඉතාම හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවූ බව මහත්වරු පැවසුහ. අඩි 25ක් පමණ පළල ගෝලාකාර වූ එහි මැද කොටස මෙන්ම දෙපස අත් තටු කිසියම් ලෙසකින් ඇතුලතින් කහ-තැඹිලි පාටින් ආලෝකමත්ව තිබි ඇත. නමුත් ඇතුලතින් විදුලි බුබුළු වැනි දේ දක්නට නොලැබිණිමේ කිසිම වෙලාවක එයින් කිසිදු ශබ්ධයක්, දුමක් හෝ රොකට්ටුවක මෙන් දැවෙන එළියක් නොනැගිනි. කිසිදු ජීවියෙක් ඇතුලත සිටිනු දැකිය නොහැකි විය.

"යානය පහත් වන විට අත් තටු වලට වඩා එළියක් මැද කොටසේ තිබුනා. නමුත් පහතටම ඇවිත් නිසොල්මන්ව නැවතුන විට මැද කොටසේ ආලෝකය කෙමෙන් ඉතාම අඩු උනා. අත් තටු වල එලිය එලෙසම තිබුනා".

සියල්ලන්ම භීතියෙන් හා කුතුහලයෙන් යුතුව අහසේ එකතැන ඇති මේ යානය දෙස බලා සිටින අතර ඉන්පසු සිදු වූ දෙය අබේවික්රම මහතා මෙසේ පවසයි.

"මෙලෙස විනාඩි 5 ක් තරම් වෙලා පහල රැඳී සිටි යානය එක්වරම තම අත් තටු යානයේ මැද කොටස වෙත ඇද ගත්තා. එලෙස තටු යානයේ මැද කොටස වෙත ගිලි ගොස් ගෝලාකාර හැඩයේ යුතු යානය ඉතුරු වූ පසු එක වරම අංශක 45 ක් පමණ ආනතියකින් අහස වෙත ඇදී යන්නට පටන් ගත්තානැවත යනවිට යානයේ වේගය අනුව ආලෝකය කෙමෙන් වැඩිවී අවසානයේ ගිනි බෝලයක් තරම් උනා. ඇත අහසේ දීප්තිමත් රේඛාවක් මෙන් වේගයෙන් ඇදී ගොස් එය නොපෙනී ගියා."

හොප් වත්තේ මෙම සිද්ධිය වූ තැනට කිලෝ මීටර් 5ක් තරම දුරින් සිටි තේ කම්හල් නිලධාරී A.E. පෙරේරා මහතා මෙම යානය දැකගැනීමට හැකිවූ තවත් අයෙකි . අහසේ දිස්වන දේ වටහා ගැනීමට බැරි වූ මහතා නිල නිවසේ සිටි P.T.H රොද්රිගු නම් තම උසස් නිලධාරියාට කෑ ගසා මෙය පෙන්වා ඇතභක්තිමත් කිතු බැතිමතුන් වූ දෙදෙනා පසු දා උදේම අන් අයට පැවසුවේ තමන් දිව් ප්රාතිහාරයක් නිසා තැති ගෙන සිටින බවය. රියදුරු විජේසිංහ රාත්රී 3 පමණ බල්ලන් බුරන හඬ ඇසි බලන විට නැවතත් මේ වස්තුවක් දුටු බව පවසයිඊට පසුදින ( 18 ) රාත්රි 2 පමණ පා පන්දුවක් තරම් විශාල මෙවන් වස්තුන් දෙකක් ඉතා ඇත ගමන් කරනු අබේවික්රම මහතා දැක ඇත.

එදින රාත්රී වැඩ මුරයේ සිටි සියලුම වතු පැක්ටරි සේවකයන් මෙය දැක ඇත. හින්දු බැතිමතුන් වූ වතු සේවකයින් පසු දිනම තමන්ගේ වත්තට වැටී ඇති මෙම "යක්ෂ බැල්ම" ඉවත් කිරීම සඳහා දේව පුජාවන් පැවත් වුහ.

හෙවාහැටට කිලෝ මීටර් 5 ක් තරම දුරින් සිටි අරක්කැමි වේලුසාමි උදේ 3.30 පමණ බටහිට දෙසින් එන ආලෝකයක් දැක කලබල වී වැරදි පැත්තෙන් හිරු නැගෙන පුදුමය බලන්නට ලයින් කාමර වල සියලු දෙන අවදි කර ඇත. මෙන්ම කි.මි 20ක් දුරින් රිකිල්ලගස්කඩ පෙදෙසේ සිටි J.R. පෙරේරා නම් මහතාද මෙය දැක තිබු අතර ඔහුගේ විස්තරද හේවා හැට කම්කරුවන් කිවූ දේ හා සමාන වියමෙම සිද්ධිය වාර්තාකරණයට හා පරීක්ෂණයට හේවා හැට පෙදෙසට ගිය අයට එහිදී හමුවූ සියලු දෙනාම කිසිදු වෙනසකින් තොරව මේ යානය ගැන පවසා ඇත.

අද මෙන් SMS , හෑන්ඩ් ෆෝන් , ටෙලිෆෝන් හෝ එම ප්රදේශවලට යන පත්තර පවා නොතිබූ කාලයේ මේ සමාන කම් මෙම සිද්ධියේ සත්යතාව ඔප්පුකිරිම සඳහා වැදගත් තැනක් ඉසිලිය

අහසේ අත්භූත යාන 2 ක් දැක තිබු වත්තේ සේවය කරන දමිල හා සිංහල සේවකයින් අතර Karuppan, Wedanatagam, Perera, Ramasami යන අය කල විස්තර පුවත් පත් වල පලවිය. මෙම සිද්ධි වාර්තා වීමත් සමග 1971 ජුලි 12 දිනද මෙවැනි එළියක් හේවාහැට කබරගල ප්රදේශයේ අය දුටු බව හෙළි විය

මෙන්ම 1971 ජුලි 17 දින රාත්රී දෙනියාය ප්රදේශයේද මෙවැනි එලි වාර්තා විය.

මෙම සිද්ධිය එකල UFO නිරීක්ෂකයන් ගේ උනන්දුවට බඳුන් වූ අතර විශේෂ කැමරා රැගෙන හේවාහැට ප්රදේශයට පැමිණි නොයෙක් අය සතියක් පමණ එහි නැවතී මෙම යානා බලපොරිත්තුවෙන් සිටියහ. එනමුත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක නොවුනිනමුත් නැවතත් 1971 ජුලි 31 සහ අගෝස්තු 2 දින වලදී මෙවැනි එලි අහසේ සරි සරනු හේවාහැට කබරගල ප්රදේශයේ අය දුටුවහ.

"හේවාහැටට පියාඹන පිරිසි නැවත එයි " යනුවෙන් පුවත් පත වල එම පුවත පල වියහේවාහැට ප්රදේශයේ සරි සැරූ එම යානා විනාඩි 20ක් පමණ වෙලාවක් හොඳින් දැක ගැනීමට අයට හැකිවිය. නුවරඑළිය ප්රදේශයේ කිහිප දෙනෙකුම එදින රාත්රී මෙම එලි ගමන් කරනු දැක තිබුණි

වඩාත් වටිනා සිද්ධිය වුයේ 1971 ජුලි 31 දින . සවස ඇඳිරි වැටෙත් පුරුද්දට මෙන් බොහෝ දෙන අහස දෙස බැලුවේ යලිත් එම යානා දැකීමේ ආශාවෙනි. නමුත් කිසිදු අමුත්තක් නොවිය.

රාත්රී 9 පමණ වෙද්දී එක වරම ඈත අහසේ සිට දීප්තිමත් එළියක් ඇදී එනු දැකිය හැකිවිය. මොහොතේ අබේවික්රම මහතා සිටියේ විජේසිංහ සමග බංගලාවේ සඳලු තලයේය. වතු සේවකයින්කිහිප දෙනෙක් වත්තේ එළිමහනේ සිටියහ වත්ත දෙසට ඇදී එලිය අඩු වී යම් ගෝලාකාර වස්තුවක් ලෙස එය දැක ගත හැකි මට්ටමට ලං වී අහසේ නතර වීණි.

කලින් ලත් අත්දැකීම නිසා අබේවික්රම මහතා මේ වනවිට සෑම රාත්රියකම සිය කැමරාවද අතැතිව සිටියේය .ටික වෙලාවක් අහසේ එකතැන තිබු මෙම යානය එක වරම සියලු දෙනාම සසලවමින් වතු බංගලාව දෙසට පහත් කරන්නට වූ අතර සඳලු තලයට යාර (මීටර්) 500 ක් පමණ ලංවී අහසේ නතරව වී නිසොල්මන් විය.

මේ මොහොතේ අබේවික්රම මහතාගේ 35 mm Minolta පටල කැමරාව ක්රියාත්මක වූ අතර මඳ එළියේ ඡායාරුප කිහිපයක් සටහන් කර ගැනීමට එතුමා සමත් විය.  එවකට ලංකාවේ සමහර අය කිවේ මෙම යානය ඇමෙරිකාව විසින් නිපදවූ ශබ්ධ නොනගන, ප්රති ගුරුත්ව ගුවන් යානයක පරීක්ෂණ චාරිකාවක් බවයි. නමුත් වසර 45 ක් පසුවී තවමත් එවැනි යානයක් අපි නොදිටිමු


ලංකාවට හොඳින්ම දර්ශනය වූ UFO එක වාර්තා වුයේ මිට වසර 41 කට පෙර 1971 දිය. අද මෙන් SMS, හෑන්ඩ් ෆෝන්, ටෙලිෆෝන් හෝ එම ප්‍රදේශවලට යන පත්තර පවා නොතිබූ ඒ කාලයේ මේ සමාන කම් මෙම සිද්ධියේ සත්‍යතාව ඔප්පුකිරිම සඳහා වැදගත් තැනක් ඉසිලිය. ඒ පිළිබඳ විස්තර දන්නා කෙනෙක් සොයාගැනීම අසීරු වන අතර Heterodox Ufology වෙබ් අඩවියක ඒ පිළිබඳ විස්තර පළවී තිබෙනවා.ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැදගත්ම හා විස්තරාත්මකම UFO පැමිණීම වාර්තා වුයේ මිට වසර 41 කට පෙර 1971 දිය. එම UFO දර්ශනයේ ඇති විශේෂත්වය නම් තේ වතුවල සේවය කල වතු ජනතාව මෙන්ම ඉහල අද්යාපන මට්ටමක් ලැබූ වතු නිලධාරින්ද මෙම යානය තමන්ට ආසන්නයේ ම දැකීමත් එය හොඳින් වාර්තා කිරීමට හැකි වීමත් ය. එම යානය ඉතා හොඳින් නිරීක්ෂණය කළ එවකට හේවාහැට රොක්වුඩ් වතු යායේ අධිකාරි ව සිටි පර්ල් අබේවික්රම මහතා එය ඉතා හොඳින් චිත්‍රයට නැගීය .

Post a Comment

Powered by Blogger.