මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත.අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්‍යාව නම් විෂය ධාරාව “සිගිරිය” දකින සැටි මදක් විමසා බලමු.

මෙම ස්ථානය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1890 දී බ්‍රිතාන්‍ය රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ස්රිලන්කීය පුරාවිද්‍යාවේ පියාලෙස සලකන ඔහු , එකල එවන් වූ විෂයක් අද්‍යනය කල කෙනෙකු නොව, සරලව කිවහොත් treasure hunter කෙනෙක් ය. ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුනාව නිසා නොව එම ස්ථාන වල ඇති ඉතාවටිනා වස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්‍යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යන තරමේ වටිනා වස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්‍යය අනුග්‍රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේවන විට ඒවා අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කවුතුකාගර වලට ගොස් මුදල් ගෙවා ප්‍රවේශ පත්ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් අපගේ වංසකතා වල කසුප් නම් රජකෙනෙකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛර පෙදෙසක සැගවී සිටි බවක් ලියා තිබු බව H.C.P. Bell අසා තිබුනේය. ඉතා දුෂ්කරව ගමනකින් පසුව සීගිරියේ ඉහත රුපයේ ඇති, පාද දෙකක් මැදින් ඇති පිවිසුම් ස්ථානය ට ලගාවූ බෙල් ඇතුළු පිරිස එය දැක මදකට හෝ තුෂ්නිම්භූත වූ බවනම් නොඅනුමානය.

සීගිරියේ ඇත්තේ සිංහ පාද ද 
එකල අද මෙන් ක්‍රමවත් අද්‍යාපන ක්‍රමයක් නොපැවතුනේය. අද නම් පහ වසර දරුවෙකු ශිෂ්ශත්ව විභාගය ට පින්සිදුවන්නට හෝ සිංහයා ට කකුල් සතරක් ඇති බවත් එම හැම කකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇගිල්ල මදක් ඉහලින් පිහිටන බවත් හොදින් දන්නේය.

අපගේ ඉතිහාස කතා නායකයා වන අසරණ H.C.P. Bell මහතා සිතා සිටියේ සිංහයාට ඇගිලි 3 ක් තිබු බවය. එබැවින් මෙය සිංහ ද්වාරය ලෙසත් මෙම ස්ථානය lions rock (සිහගිරිය) ලෙසත් ප්‍රකාශ කර සිටියේය. පහත ඇති රූපය හොදින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙන්නේ සිංහ පාදයක් ද ?

මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන් ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. රුපයේ වම්පසින් සිංහ පාදය කියා බෝඩ් එකක් ද දමා ඇත්තේ කවුරුන් රවටන්නද ? මදක් සිතන්න. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද.... 

සීගිරිය නිර්මාණය කලේ රාවණා ද ?
කැණීම්වලින් තහවුරු වී ඇති පරිදි  වසර පන්දහසකට එහා කාලයක සිට ඓතිහාසික යුගය දක්‌වා මානව සබඳතා මේ සීගිරිය ආශ්‍රිතව පවතින බැව් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව පැහැදිලි වී ඇත. රාවණ ගේ ලංකාපුරය තිබූ ස්‌ථාන හඳුනා ගැනීමේදී ප්‍රධාන වශයෙන් පෙදෙස්‌ තුනක්‌ ගැන අවධානය යොමු කිරීමට සිදුවේ. ඉන් පළමු වැන්න සීගිරි පර්වතය වන අතර කුවේරගේ ආලකමන්දාව වශයෙන් එය හැඳින්වීම සහ රාවණ, කුවේර ගේ රජකම පැහැර ගැනීමේ කථාව මගින් මේ බව තවත් තහවුරු වේ.කුවේර ගේ වාසභවනය හා රජකම කොල්ලකා ගත් රාවණ රජු මේ සීගිරිය ද ඔහු ගේ එක්‌ මාළිගාවක්‌ ලෙස පාච්චි කළ බවට අපමණ මූලාශ්‍ර ඇත. 
එසේ බලන විට සීගිරියේ ඇත්තේ දඬු මොනරා නමින් හැදින්වූ විශාල පක්ෂියාගේ පාද ද?
කාශ්‍යප රජකම් කලේ රාවණා තැනූ සීගිරියේද?

මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත.අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්‍යාව නම් විෂය ධාරාව “සිගිරිය” දකින සැටි මදක් විමසා බලමු.

Post a Comment

Powered by Blogger.