මොකක්ද මේ ඕරා (Aura) කියන්නේ ඒ
පිළිබද තොරතුරු ඔබ දන්නවාදරෑ ඕරා කියා හඳුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුළක්
වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වළල්ලක්. මෙය ශක්ති ජනකයක් (Energy
Field) වශයෙනුත්
හඳුන්වනවා.
සෑම ප්‍රාණියකු මෙන්ම වස්තුවක් වටාද මෙම
රශ්මි වළල්ල පිහිටා තිබෙනවා. සාමාන්‍යයෙන් කෙනකුගේ ශරීරයේ සෙ. මී 30-40 ක ප්‍රමාණයක්
වටා මෙම රශ්මි වළල්ල විහිදී පවතිනවා. අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි
පරාසය විශාල වන්නට පුළුවන්.
ක්‍රි.ව. 1939 දී සෙම්යොන් කිර්ලියන් නම් විද්‍යාඥයා
චායාරූප ක්ෂේත්රයට සම්බන්ධ පර්යේෂණයක නිරත වෙමින් සිටියේය. මෙහිදී අධි
වෝල්ටීයතාවක් (High
Voltage) සහිත තහඩු
භාවිත කරන ලද අතර අහඹු සිදු වීමක් හේතුවෙන් මෙම විද්‍යාඥයාගේ එක් අතක් මෙම තහඩු
අතරට ගොස් ඇත. පසුව සේයා රූ පරීක්ෂා කළ ඔහු, දුටු දෙයින් මවිතයට පත් විය. ඔහුගේ අත
සේයා පටලයේ සටහන්ව තිබිණි. ඒ සමඟම ඔහුගේ අත වටා රශ්මි ධාරාවක්ද (Aura) සටහන්ව
තිබිණි. මෙය කිර්ලියන් නම් චායාරූප ක්ෂේත්රයේ උපත විය. වෝල්ටීයතා වෙනස්වීම් (Voltage Frequency) හා විද්‍යුත්
චුම්බක ක්ෂේත්‍ර (Electro
Magnetic Fields) භාවිතයෙන් වර්තමානයේ මෙම තාක්ෂණය ඉතා දියුණුවට පත්ව ඇත.
ගසක අත්තක ඇති ශාක පත්‍රයක් ඉවත් කර එම
අතු කොටස මෙම ක්‍රම වේදයට අනුව චායාරූප ගත කළ විට ඉවත් කළ පත්‍රයද සහිතවම රශ්මි
ධාරා සටහන් වේ. මෙම නිසා ජීවීන්ගේ සූක්ෂම ශරීරය පිළිබඳ නව සොයාගැනීම් රැසකට මෙම
ක්‍රමවේදය මුල පුරා ඇත. මෙම චායාරූප
මඟින් කළ නිරීක්ෂණයන්ට අනුව මිනිසකුගේ සිරුරින් විවිධ හැගීම් වලදී විවිධ
වර්ණයන්ගෙන් යුත් රෂ්මිධාරා (Different Colors Auras) නිකුත් කරන බව සොයාගෙන ඇත.
පියවි ඇසට මෙම රෂ්මි ධාරා (Aura) දැකිය
නොහැකිද?
බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුස්
වහන්සේ ශාන්තුවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් දියුණු අයගේ ප්‍රතිමා සහ පින්තූර වලද
හිස හෝ සිරුර වටා රශ්මි වළල්ලත් පිහිටා තිබෙනු ඔබ දැක ඇති. එලෙස දක්වා තිබෙන්නේ
මෙම ඕරා නොහොත් රශ්මි වළල්ලයි ඇත්තෙන්ම මෙය අපගේ ආත්මයේ ප්‍රතිනිරූපනයක් ලෙස
හඳුන්වන්න පුළුවන්. අප තුළ හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරේ ඇති රෝගාබාධ
අනුව අපගේ ඕරාව විවිධ වර්ණයන් ගන්නවා. විශේෂයෙන්ම අධ්‍යාත්මික වශයෙන් ඉහළ තලවල
සිටින අයගේ ඕරාවලින් විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්‍රභාශ්වර රශ්මි ධාරාවක්. මෙම
රශ්මි ධාරාවන් පියවි ඇසින් දකින්නට අපහසුයි. නමුත් අධි මානසික ශක්තියකින් හෙබි හෝ
ධ්‍යාන ලාභි යෝගි සහ සෘෂිවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් ඉහළ තත්වයක සිටින
පුද්ගලයන්ට එය පියවි ඇසින් දකින්නට හැකියාව තිබෙනවා.
ඒ ඒ සිතුවිලි ධාරා සහ හැඟීම් අනුව ඔබේ
සිරුරෙහි රශ්මි ධාරාවන් වෙනස් වන හැටි මෙසේයි. ආදරය සෙනෙහස වැනි පිවිතුරු හැඟීම්
ඉතා පියකරු රෝස පැහැයක් පෙන්වනවා. නිර්භීත බව තැඹිලි පැහැයෙන් පෙන්නුම් කරන අතර
රෝගී බව දුඹුqරු පැහැයෙන් ද සුවපත් බව කොළ පැහැයෙන් ද පෙන්නුම් කරනවා. රතු පැහැයෙන්
දන්වන්නේ ඔබ දැඩි කනස්සල්ලෙන් සහ කෝපයෙන් පසුවන බවයි. එමෙන්ම ඔබේ සන්සුන් බව සහ
ප්‍රඥාවන්ත බව තද දම් පැහැයෙන් පෙන්නුම් කරනවා. අධ්‍යාත්මික දියුණු බව ප්‍රභාශ්වර
කහ පැහැයකින්ද වෛරය සහ පසුතැවිල්ල අඳුරු කලු පැහැයකින් ද පෙන්නුම් කරනවා. කෙනකුගේ
ඕරාව ඔහුගේ සිතුවිලි අනුව දිනකට කිහිපවතාවක්ම වෙනස්වන්නට පුළුවන්.
මියගිය පසු තණ්හාව ආශාව සහ බැඳීම් නිසා
සමහර පුද්ගලයන්ගේ ආත්මයන් මේ ලොවෙන් චුත නොවී මෙහිම ඇලී ගැලී ජීවත්වෙනවා. මොවුන්
ප්‍රේතයන්, භුතයන්, මළ යක්ෂයන් ලෙසත් නැත්නම් නිරිසතුන් ලෙසත් හඳුන්වනවා. මොවුන්ට ඇත්තේ සුක්ෂම
සිරුරුයි. ඒ කියන්නේ භෞතික ශරීරයක් නැති ජීවීන්. ඔවුන් තම ශක්තිය ලබාගන්නේ
මිනිසුන්ගේ සෘණාත්මක සිතුවිලිවලින් ජනිත කරන සෘණ ශක්තියෙන්.
අපගේ ඕරාවේ නැත්නම් රශ්මි වළල්ලේ සමහර
අවස්ථාවල කුඩා සිදුරු (portals) හටගන්නවා මෙය සිදුවන්නේ අපගේ මානසික සහ ශාරීරික ශක්තිය ද පිරිහුනු අවස්ථාවලයි.
අප දැඩි කනස්සල්ලට හෝ ශෝකයට පත්වූ අවස්ථාවල සහ දැඩි ලෙස රෝගාතුර වූ අවස්ථාවල හෝ
දරුණු අපයෝජනයන්ට ලක් වූ අවස්ථාවල අපගේ සිරුරේ ශක්තිය රශ්මි වළල්ලේ සිදුරු
වලින් කාන්දු වීමට පටන් ගන්නවා. එවිට ඉහත කී කුඩා සිදුරු ඇතිවනවා. එවිට අපේ සිරුරුවලට ඇතුල් වීමට අවකාශ ලැබෙනවා. මෙය
අප සමාජයේ විවිධ තත්වයන් ලෙස හඳුන්වනවා සමහරු මේ තත්වය මානසික රෝගයක් කියලත් තවත්
අය මතුරල දිපු දෙයක් කැවිල කියලත්, තවත් සමහරු ආවේශ වීමක් කියලත් හඳුන්වනවා.
මානසික සහ ශාරීරික වශයෙන් දුර්වල වූ
මිනිසුන්ගේ රශ්මි වළල්ලේ සිදුරු රැසක් තිබෙන්න පුළුවන්. එවිට එක ආත්මයක් පමණක්
නොව ආත්ම කීපයක් සිරුරට ඇතුල් වන්න පුළුවන්. මෙවන් අවස්ථාවන් “Dual Personality”, “multiply Personalities”
යනුවෙන්
හඳුන්වනවා. එවිට කෙනෙක් තුළ චරිත දෙකක් හෝ කීපයක් තිබෙන කෙනෙක් වන්නට පුළුවන්.
මෙවැනි අවස්ථාවලදී මෙම සිදුරු වැසීම අත්‍යවශ්‍ය වනවා. බොහෝවිට බෝධි පුජා , ශාන්ති
කර්ම මගින් කරන්නේ එයයි.
මේ පිළිබදව මනෝ වෛදවරුන් විවිධ අදහස්
පවසනවා. බොහෝ විට මේවා මානසික රෝග ලෙස සලකා ප්‍රතිකාර කරනවා. මෙයින් සිදුවන්නේ පය
බරවයට පිටිකර බේත් බැඳීම වැනි ක්‍රියාවක්. ඒ කෙසේ වුවත් මෙවැනි අවස්ථා අද සමාජයේ
බොහෝ දුරට දක්නට ලැබෙනවා. බුදු දහම අනුව පමණක් නොව කිතු දහම හින්දු දහම සහ මුස්ලිම්
දහම අනුව වුවත් එවැනි දේ සිදුවන බව පිළිගන්නවා. බෞද්ධ අප බෝධි පූජා යන්ත්‍ර මන්ත්‍ර
තොවිල් පවිල් ශාන්තිකර්ම කරනවා මෙන්ම ඔවුන් ද මෙවැනි දේ සඳහා ඒ ඒ ආගම්වලට අනුව ඒ ඒ
පුද්ගලයන්ට සුදුසු ලෙස ශාන්තිකර්ම කරනවා.
බටහිර රටවල මෙවැනි දේ හඳුන්වන්නේ (Auric
Cleaning) නැත්නම්
රශ්මි වළල්ල ශෝදනය කිරීමක් වශයෙන්. මේ සඳහා ඔවුන් අධි මානසික ශක්තින්වලින් හෙබි
පුද්ගලයන්ගේ සේවය ලබාගන්නවා. එයට අමතරව භාවනාව, යාඥාවන්, මෝහනය ආදී නොයෙකුත් ක්‍රම භාවිතා කරනවා.
අපේ ඕරාව නැත්නම් රශ්මි වලල්ල පිරිසිදුව
මෙන්ම ශක්තිමත්ව තබාගැනීමට අප උනන්දු විය යුතු වනවා. එය අපට කළ හැක්කේ කණස්සල්ල
ඉරිසියාව, බය,
වෛරය වැනි
සෘනාත්මක සිතුවිලවලින් තොරව ආදරය සෙනෙහස කරුණාව මෛත්‍රිය වැනි ධනාත්මක සුභවාදී
සිතුවලි අප සිත් තුළ ජනිත කිරීමයි.
Follow you 🤩
ReplyDelete