Methamphetamine ලෙස විද්‍යාත්මකව හඳුන්වන මේ මත්ද්‍රව්‍යය ඉතා බලවත් අතුරු ආබාධ රාශියක් ඇති කරවන්නක්. අනෙකුත් මත්ද්‍රව්‍ය වලට වඩා මෙහි ඇති සැර වැඩි ගතිය නිසාම බොහෝ මත් ලෝලීන් 'මෙත්" කෙරේ ආකර්ශණය වන බව පිළිගැනේ. පැය 6 - 12 ත් අතර කාලයකට මෙහි ක්‍රියාකාරීත්වය සක්‍රියව පවතින අතර මෙය භාවිතා කරන්නන් හට පීඩනෝන්මාදී ලක්ෂණ, කිසිවෙකුගෙන් තමාට කරදර නොවන බවට ඇතිවන ලොකුකම, කාය බලය වැඩි බව ආදී ලක්ෂණ පහල වන අතර සමහරු කළහකාරී ලෙස හැසිරේ. මෙය ක්‍රම කීපයකින්ම ශරීරගත කළ හැකි වීම මෙහි සීඝ්‍ර ව්‍යාප්තියට බලපා ඇති එක් කරුණකි. ගිලීමෙන්, නාසයෙන් ඉරීමෙන්, එන්නත් මගින් හෝ දුමක් ලෙස උරා බීමෙන් මෙය ශරීර ගත කළ හැකියි.


ඇම්පෙටමින් (Amphetamines) කාණ්ඩයට අයත් 'මෙත්' කුඩා නගරයේ සිට මහා පුරවරයන් දක්වාම සුලභ මත් ඔසුවක්. ජන සමාජයන් හි උස් පහත් භේදයකින් තොරව මෙය පැතිර ගොස් ඇති බව මේ පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයන්හි නිරත වූවෝ පවසති. ලොව පුරා මිලියන 26 ක ජනතාවක් 'මෙත්' කෙරේ ඇබ්බැහි වී ඇතැයි ඇස්තමේන්තු ගත දත්ත සඳහන් කරයි. සමහර රටවල් වලින් මේ මත්ද්‍රව්‍යය තහනම් කිරීම සඳහා සලකා බැලීමක් කරමින් පවතින අතර ඇමරිකාව තුල මෙම මත්ද්‍රව්‍යය නිෂ්පාදනය නැවැත්වීම සඳහා සියළු පාර්ශව සහයෝගයෙන් කටයුතු කලත් කොකේන් ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ මෙක්සිකෝවේ සිට ඇමරිකාවට සැපයුම් ලැබීම නතර කළ නොහැකිව පවතී.


'මෙත්' නම් මත්ද්‍රව්‍යය 1919 දී අකිරා ඔගාටා නැමැත්තෙකු විසින් මුලින්ම නිස්සාරණය කර ඇත. හිස්ටමින පාලක ඖෂධයක් ලෙස භාවිතා කළ එපඩ්‍රින් (ephedrine) නම් ඔසුවෙන් මෙය මුලින්ම නිපදවා තිබේ. මෙහි ඇති අභාග්‍ය සම්පන්න සත්‍යය වන්නේ ජාත්‍යන්තර ආහාර හා ඖෂධ පාලනාධිකාරිය Methamphetamine නම් මේ මත්ද්‍රව්‍යය ඖෂධයක් ලෙස අනුමත කර තිබීමයි. අක්‍රමවත් නින්ද, මානසික අවපීඩනය හා සුරාපානයෙන් වැලකීමේ ඔසුවක් ලෙසත් මෙය භාවිතා වනවා. නමුත් ඒ ඉතා සුළු මාත්‍රාවකින් පමණි. නීතියෙන් අනුමත ඖෂධයක් බැවින් මෙහි ව්‍යාප්තිය නතර කිරීම අසීරු වී ඇති අතර ඒ නිසාවෙන්ම මෙහි දරුණු ඵල විපාක ලබන්නන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතී.



'මෙත්' පිළිබඳව මෙතරම් කථාබහට ලක්ව ඇත්තේ මෙම මත්ද්‍රව්‍යය සතු අතුරු ආබාධයන්ගේ දරුණු භාවය නිසාමයි. මෙහි ඇති ඡායාරූප මගින් ඔබට එහි ඇති භයංකර භාවය වටහාගත හැකියි. කායික හා මානසික යන දෙඅංශයෙන්ම යලි ගොඩගත නොහැකි තරමේ විනාශයක් 'මෙත්' නිසා සිදුවේ. කායික වශයෙන් ගතහොත් දත් හා ඇටකටු දිරායාම, මුහුණ හා අනෙකුත් අවයවයන් විකෘත වීම මෙන්ම බඩගිනි නොදැනීම, මල බද්ධය, වෙව්ලීම, නින්ද නොයෑම ආදී රෝග ලක්ෂණ රාශියක් පහළ කරයි. මානසික වශයෙන් ගත්විට මායාකාරී දර්ශණ පෙනීම, තමාට අධික කාය බලයක් ඇති බව දැනීම හා අවපීඩන තත්ත්වය ප්‍රධාන වේ.


ලෝකයේ භයානකම, විනාශකාරීම මත්ද්‍රව්‍යය ලෙස 'මෙත්' හැඳින්වෙන්නේ කුමක් නිසා දැයි පැහැදිලියි නේද ? කුමක් නිසාද යත් මෙත් වලේ වැටුනු පසු ගොඩ ඒමක් නැති බැවිනි.

Methamphetamine ලෙස විද්‍යාත්මකව හඳුන්වන මේ මත්ද්‍රව්‍යය ඉතා බලවත් අතුරු ආබාධ රාශියක් ඇති කරවන්නක්. අනෙකුත් මත්ද්‍රව්‍ය වලට වඩා මෙහි ඇති සැර වැඩි ගතිය නිසාම බොහෝ මත් ලෝලීන් 'මෙත්" කෙරේ ආකර්ශණය වන බව පිළිගැනේ. පැය 6 - 12 ත් අතර කාලයකට මෙහි ක්‍රියාකාරීත්වය සක්‍රියව පවතින අතර මෙය භාවිතා කරන්නන් හට පීඩනෝන්මාදී ලක්ෂණ, කිසිවෙකුගෙන් තමාට කරදර නොවන බවට ඇතිවන ලොකුකම, කාය බලය වැඩි බව ආදී ලක්ෂණ පහල වන අතර සමහරු කළහකාරී ලෙස හැසිරේ. මෙය ක්‍රම කීපයකින්ම ශරීරගත කළ හැකි වීම මෙහි සීඝ්‍ර ව්‍යාප්තියට බලපා ඇති එක් කරුණකි. ගිලීමෙන්, නාසයෙන් ඉරීමෙන්, එන්නත් මගින් හෝ දුමක් ලෙස උරා බීමෙන් මෙය ශරීර ගත කළ හැකියි.

Post a Comment

  1. Free Baccarat - The Best Way to Play Baccarat
    Baccarat is a popular 바카라 사이트 and well-known casino game. But what exactly is the card game 인카지노 that's popular? 바카라 What are the rules of baccarat?

    ReplyDelete

Powered by Blogger.