දිවැස් වලට සමාන ඒත් ඊට වැඩි අධිමානසික හැකියාවන් රැසක් ලැබෙන යෝග ක්‍රමයක් තෙවැනි ඇස විවර කරගැනීමේ යෝග ක්‍රමය. කුණ්ඩලිනි යෝග වඩන අය දන්නා දෙයක් උනත් නොදන්නා අයත් ඇති හින්දා මුලින්ම මුලික දේවල් කියල ඉන්නම්. අපේ ශරීරයේ විශ්ව ශක්තිය ගලා යන මාර්ග තියෙනවා.ඒ ශක්ති මාර්ග සකස් වෙලා තියෙන්නෙත් ශරීරයේ හැඩයටම. මේවා අතරින් ශක්තිය එක් රැස් වෙලා තියෙන ස්ථාන 7ක් තියෙනවා. ඒවාට තමා කුණ්ඩලිනි චක්‍ර කියල ඍෂි වරු හදුන්වල දීල තියෙන්නේ. ඒත් මේ ශක්තිය සාමාන්‍ය වෙලාවට භාවිත කරන්න පුළුවන් තත්වයේ නෑ.ඒ තත්වයට පත්කරගන්නනම් යෝගාසන, ප්රානයාම , යෝග භාවනා වඩන්න ඕනි.

ධ්‍යාන ඉර්ධි ලැබීමට අනිවාර්යෙන් පින් අවශ්‍ය උනත් ශක්ති අවදි කරගැනීමට පින් අවශ්‍ය නැ.ඒ නිසා එකදිගට උත්සහ කරනවා මිසක් පින් ගැන දුක් වේවි ඉන්නෙපා. ශක්ති චක්‍ර වලින් නළල මැද තිබෙන චක්‍රය ආඥා චක්‍රය.මේකට තෙවැනි ඇස ඍෂි ඇස 3rd eye කියලත් කියනවා. මේක පිහිටලා තියෙන්නේ නළල මැද සිරස් අතට නළල් අස්ථියත් මොළයත් අතර. මේක ශක්තියම ඇසක් මිසක් භෞතිකව නෑ. සාමාන්‍ය ඇසක තරම තිබුනත් සාමාන්‍ය ඇස වගේ දුබුරු පාට නෙවෙයි නිල පාටයි.එකට හේතුව ආඥා චක්‍රයේ ශක්තියට අදාළ වර්ණය නිල/ දම්/ ඉන්ඩිගෝ පාට නිසා . මනුෂ්‍යන් ඇති උන මුල්ම කාලයේ හිටපු මනුෂ්‍යයන්ට ස්වාභාවිකවම තිබිල අද වෙනකොට නෂ්ට වෙලා ගිය හැකියාවක් තෙවැනි ඇස.

තෙවැනි ඇස විවර කරගත්තම අධිමානසික හැකියාවන් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. රාත්‍රියේදීත් දහවලිදී මෙන් පරිසරය පෙනීම, අනුන්ගේ සිත් දැකීම, අනුන්ගේ සිතුවිලි පෙනීම, දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, අනාගතය අතීතය දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ඇගෙන් හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම වගේ ගොඩක් හැකියාවන් ලබාගන්න පුළුවන්.

වැදගත්ම දෙ නිවැරදි ක්‍රමවේදය මොකක්ද කියන එක.ගොඩක් පොත් වල, පෝස්ට්ස් වල, යෝග පාටමාලා වල එක එක විදි කියල දුන්නත් යෝග හදුන්ව දීපු ඍෂි වරු මුල් වරට උගන්වපු හරිම ක්‍රමයයි මේක.
මුලින්ම භාවනා කිරීමට එකම ස්ථානයක් හා වෙලාවක් තෝරාගන්න.එක එක වෙලාවට කරනවට වඩා හැමදාම එකම වෙලාවක භාවනා කරවනවානම් ඉක්මන් දියුණුවට එක උදවුවක්. කුණ්ඩලිනි ශක්ති අවදි වෙන්න හොදම භාවනා ආසනය පද්මාසනය.පතුල් 2 උඩු අතට තියෙන විදියට් කකුල් 2 හරහට තියාගෙන එරමිණිය ගොතාගෙන ඉන්න පුළුවන්නන් ශක්තිය ඉක්මනට අවදි වෙනවා. පතුල් උඩට තියන් ඉන්න අමාරුනම් සාමාන්‍ය විදියට ඉන්න. හිස කඳ ගෙල ඍජුව තියාගන්න ඒකත් අත්‍යවශ්‍යයි. වම අත්ල උඩින් දකුණු අත්ල තියාගන්න.ගොඩක් යෝග භාවනා වලදී අතේ මුද්‍රා තියාගෙන කලත් මේ භාවනාවට සුදුසුම ක්‍රමය එක.

තෙවැනි ඇස විවර කරගැනීමට ශක්තිය නළල හරහා එහා මෙහා යවන්න අවශ්‍යයි.එකට මුලින්ම තමන්ට ගැලපෙන ශක්ති ප්‍රභවය තෝරාගන්න ඕනි. ශක්ති ප්‍රභව 3ක් තියෙනවා- ගින්දර,ජලය, වායුව. සාමාන්‍ය ශක්ති ප්‍රභව නොඋනත් භාවනාවට අදාල මේ 3. බහුතරයකට ගැලපෙන්නේ ගින්දර ක්‍රමය නිසා ඒ ගැන විස්තර කරන්නම්.

මේ සදහා අදුරු පරිසරයක් ඕනි.රාත්‍රී වෙලාවට භාවනා කරනවානම් පහසුයි.භාවනා කරන තැන ඉදිරියෙන් ඉටිපන්දමක් හෝ පහනක් තියාගන්න.ගිනිදැල්ල මුහුණට ආසන්න වෙන විදියට උස සකස් කරගන්න. ඇස් වලට දැල්ල දිහා අපහසුවක් නැතිව බලා ඉන්න පුළුවන් විදියට උසත් , පහන හා තමන් අතර දුරත් සකසාගන්න.

භාවනා කරන්න ඕනි මේ විදියටයි.ගිනි දැල්ල දිහා බලාගෙන සිත එකග කරන්න.ඇස වහගත්තම ගිනිදැල්ල සිතින් පෙනෙන තරමට සිත එකඟ කරගන්න.සතියක් 2ක් 3ක් පමණ මේ සදහා උත්සහ කරන්න
ලගට නළල මැදින් නළල හරහා හා තෙවැනි ඇස හරහා ගිනි දැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා සිතින් දකින්න.ගිනි දැල්ල පහනේ සිට නළල හරහා තෙවැනි ඇස හරහා ඇවිත් යලි තෙවැනි ඇස හරහා නළල හරහා පහනට යනවා දකින්න. ඇස්වහගත්තම ගිනිදැල්ල පෙනෙන තරමට හිත එකග උනාට පස්සේ මේ පියවර කරන එක වඩා ප්‍රතිපල දායකයි.ඒත් සති 3ක් 4ක් ගෙවුන පසුත් සිත එකග කරගැනීමට අපහසුනම් මේ පියවරට කෙලින්ම එන්න. මේ විදියට කරනකොට ආඥා චක්‍රයේ ශක්තිය අවදිවෙනවා.

ශක්තිය අවදි වීමේ පෙරනිමිති කිහිපයක් තියෙනවා.මුලින්ම නළල මැද නලියනවා මෙන් දැනෙනවා.ඒ මුල්ම අවස්ථා වල.සාර්ථක මට්ටමට එනකොට නළල මැද රිදී ඉරක් මෙන්/ අකුණු ගසනවා මෙන් පෙනෙයි.ඒ මට්ටමට දියුණු උනානම් තෙවැනි ඇස විවර වීමට ලගයි.මේ නිමිති ගැන අවදානයක් නොදක්වා එකදිගටම අභ්‍යාසය කරන්න.තෙවැනි ඇස විවර උනාම කලින් අකුණු ගසනවා මෙන් පෙනුන තැන නිල පාට ඇසක් දර්ශනය වෙනවා.මේ වෙලාවට ඇස් 2 වහගත්තත් වටේ පිටේ දේවල් තෙවෙනි ඇසෙන් පේනවා.මේ දේවල් උනානම් තෙවැනි ඇස විවර වෙලා.

ගිනිදැල්ල නළල මැදින් එහා මෙහා යවනකොට භාවනාව කරන අතර ඕම් කාරය අහන්න පුලුවන්නම් ශක්තිය අවදිවීමට එක උත්තේජනයක් වෙනවා.භාවනාව කරන ගමන් sound system , ipad, earphone වගේ මොනමහරි දෙයක් භාවිතා කරලා ඕම් ශබ්දය ඇසෙන්න සලස්වන්න
ඕම් ශබ්දයහරියට කියන එකක් මම පහලින් දාල තියෙනවා.

මේ විදියටම ජලය හා වායුව භාවිතා කරන්න පුළුවන්. වායුව භාවිතා කරනවානම් හුස්ම නළල හරහා අතුල්වෙනවා පිට වෙනවා සිතන්න.මේ හුස්ම ක්‍රමය අනුගමනය කරනවානම් තෙවැනි ඇස සහිත මුණක රුපයක් ඇද එය මුණ අසලින් තබාගෙන ඒ දෙස බලාගෙන භාවනා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගන්න පුළුවන්.

*ගොඩක් පොත්පත් වල තියෙන්නේ දෙබැම මැදින් හුස්ම එහා මෙහා යනවා දකින්න කියල උනත් නිවැරදිම ක්‍රමය දෙබමට උඩින් නළල මැදින් අභ්‍යාසය කිරීම.ආඥා චක්‍රයට අදාළ මොලේ කොටස වන pineal gland තියෙන්නේ දෙබැමට සම්රෙකියව උනාට ආඥා චක්‍රය තියෙන්නේ නළල මැද මිසක් දෙබැම මැද නෙවෙයි.

*මේ භාවනාවේ දියුණුවේ රහස වන්නේ එකදිගට හැකිතරම් කාලයක් භාවනාව වැඩිම හා හැමදාම භාවනා කිරීම.සැරින් සැරේ එහෙන් මෙහෙන් භාවනා කලොත් සාර්ථක ප්‍රතිපල නැතිවෙනවා මෙන්ම ශක්ති විෂමතා ඇති වි ලෙඩ රෝග, මානසික ව්‍යකුලතා ඇතිවෙන්න පුළුවන්. එමනිසා පිළිවෙලකට නිවැරදිව භාවනාව වඩන්න.ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙලා වැඩ අනාගන්නෙපා .ඉවසීමෙන් ප්‍රගුණ කරන්න

*භාවනා කරන වෙලාවට ආඥා චක්‍රයට එකතු වෙන ශක්තිය භාවනා නොකරනකොට ටික ටික අඩුවෙනවා.ඒක නවත්තගන්න පුළුවන් අතේ මහපට ඇගිලි මැද තියෙන නිලය ඉදිකට්ටක් වගේ දෙයකින් සැරින් සැරේ උත්තේජනය කිරීමෙන්.

මෙම භාවනා වලදී කෙරෙන්නේ බාහිරින් චක්‍ර වලට ශක්තිය ලබාගැනීමක්.අඩුවෙන් ආහාර ගැනීමෙන් එකට උපකාරයක් ලැබෙනවා.ආහාර වලින් ශරීරයට ලැබෙන ශක්තිය අඩු උනාම ශරීරයේ තිබෙන ශක්ති ප්‍රමාණය අඩු නිසා භාවනා කිරීමේදී ශරීරයට ශක්තිය ලබාගැනීම පහසුයි.ඒත් ලෙඩ රෝග ඇතිවෙන ලෙස හෝ පෝෂණ උනතා ඇතිවෙන තරම් ආහාර පාලනය කිරීමෙන් කිසිම වාසියක් නෑ.

භාවනාවට වැඩියෙන් නැබුරු වීමට මනෝවිද්‍යාත්මකව යම් වාසියක් ලබාගන්න පුළුවන් තෙවැනි ඇස සහිත මුණක් ඇදලා එක නිදාගන්නකොට පෙනෙන තැනක තබත්තොත්.

භාවනා කිරීමට පටන් ගන්නේ 10ටනම් 9 වනවිට සියලු අනෙක් කටයුතු ඉවර කර 9 සිට 10 වනතෙක් සැහැල්ලුවෙන් සිහියෙන් ඉන්න.


දිවැස් වලට සමාන ඒත් ඊට වැඩි අධිමානසික හැකියාවන් රැසක් ලැබෙන යෝග ක්‍රමයක් තෙවැනි ඇස විවර කරගැනීමේ යෝග ක්‍රමය. කුණ්ඩලිනි යෝග වඩන අය දන්නා දෙයක් උනත් නොදන්නා අයත් ඇති හින්දා මුලින්ම මුලික දේවල් කියල ඉන්නම්. අපේ ශරීරයේ විශ්ව ශක්තිය ගලා යන මාර්ග තියෙනවා.ඒ ශක්ති මාර්ග සකස් වෙලා තියෙන්නෙත් ශරීරයේ හැඩයටම. මේවා අතරින් ශක්තිය එක් රැස් වෙලා තියෙන ස්ථාන 7ක් තියෙනවා. ඒවාට තමා කුණ්ඩලිනි චක්‍ර කියල ඍෂි වරු හදුන්වල දීල තියෙන්නේ. ඒත් මේ ශක්තිය සාමාන්‍ය වෙලාවට භාවිත කරන්න පුළුවන් තත්වයේ නෑ.ඒ තත්වයට පත්කරගන්නනම් යෝගාසන, ප්රානයාම , යෝග භාවනා වඩන්න ඕනි.

Post a Comment

  1. මේක මගේ blog පොස්ට් එකක්. මගේ අවසරය නැතුව කොපි කරලා ලැජ්ජාවක් නැතුව තමන්ගේ වගේ දාලා thiyenne.
    කොන්දක් නැද්ද?
    අම්මල තාත්තලා පුරුදු කරලා තියෙන්නේ හොරකන් කරලා ජිවත් වෙන්නද?

    ReplyDelete
  2. බොහොම පිං ,වටිනා තිරතුරු සැපයුවාට.

    ReplyDelete
  3. මුං මේ අනුන්ගෙ ලිපි කොපි කරලා තමන්ගෙ දැනුම වගේ දාන හැටි ලැජ්ජා නැද්ද මේ බ්ලොග් එක කරන එකාට. මේ ලිපියේ තියෙන ඒවා කරන්න යන්න එපා. අමාරුවෙ වැටුනොත් මේ ලිපිය දාපු එකාට බෑ ඔබව බේරා ගන්න

    ReplyDelete
  4. මම එතුමාගේ (අධිමානසික) තෙවැනි ඇස විවර කරගැනීමේ ලිපිය කියෙවුවා. එතුමා කියලා තියනේ එතුමාගේ ලිපියේ තියන දේවල් එතුමාගෙන් අවසර නැතුව දාන්න එපා කියලා එත් මෙයා කිසි ලැඡ්ඡාබයක් නැතුව එතුමාගේ ලිපිය දාලා තියෙන්නේ මේයාගේ වගේ. මේ ලිපියේ තියෙන ඒවා එතුමාගෙන් අහන්නේ නැතුව කරන්න යන්න එපා. අමාරුවෙ වැටුනොත් බේරා ගන්න කාටවත්ම බෑ. මේ වගේ වැඩ කරන අයට කවදාවත් හරි යන්නේ නෑ.

    ReplyDelete
  5. මේක www.rawanakingg.blogspot.com කියන වෙබ් අඩවියේ ලිපියක්.

    ReplyDelete
  6. meka www.rawanakingg.blogspot.com kiyana web adaviye lipiyak

    ReplyDelete
  7. මේක www.rawanakingg.blogspot.com කියන වෙබ් අඩවියේ ලිපියක්.

    ReplyDelete
  8. ඔව් මේක www.rawanakingg.blogspot.com නොහොත් www.kundaliniyogasl.com වෙබ් අඩවියේ ලිපියක්

    මේකේ සත්‍ය කතෘ "අධිමානසික" නමින් පෙනී සිටින යෝග සාස්ත්‍රය යම් තාක් දුරකට ප්‍රගුණ කල අයෙක්.(ඔහුට අගෞරවයක් සදහා එසේ නොකීවෙමි)

    ඔහු විසින් යොමුකරන ලද ප්‍රශ්න සියල්ලටම පාහේ යොමු කරන පුද්ගලයන් කෙරෙහි කරුණාවෙන් යුතුව නිවැරදිව කරුණු පහදා දී ඇත.

    මෙවන් සංකීර්ණ මාතෘකා කිසිදු දැනුමකින් තොරව ප්‍රසිද්දිය හෝ මුදල් පතා මෙලෙස අනවසරයෙන් පල කිරීම පිළිබද ඉතාම කණගාටුදායක වෙමි


    ReplyDelete

Powered by Blogger.