සොබාදහම අතිශයින්ම විශ්මයජනකයි. අපිට සිතාගනීමටවත් නොහැකි දේවල් මේ සොබාදහම තුල සිදු වෙනවා..  මේ රුප පෙළ දකින ඔබට සොබාදහමට කෙතරම් අපුර්ව දේවල් නිර්මාණය කිරීමට හැකියාවක් තිබේදැයි සිතාගනීමටවත් නොහැකි වේවි.


මමීකරණ විල
උතුරු ටැන්සානියාවේ පිහිටා ඇති නැට්‍රෝන් විල අධිකතර ලවන ස්වභාවය සහ සෙල්සියෂ් අංශක 60 ක් දක්වා ඉහල නගින මතුපිටින් දවන උෂ්ණත්වය නිසා ලෝක ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා. එම විලෙහි ඇති කර්කෂම විඳ ගැනීමට ඇතැම් සත්වයන්ට හැකි වුනත් සමහරක් සත්වයන්ට එම හැකියාව නැහැ. එම නිසා ඔවුන් එම විලේම මමී බවට පත් වෙනවා.

















බයෝලුමිනස්
ජීවියෙකු විසින් නිෂ්පාදනය කරන සහ විමෝචනය කරන ආලෝකයක් තමයි බයෝලුමිනස් කියන්නේ. විශ්වාස කිරීමට අපහසු අතිශයින්ම විශ්මයජනක මෙම සිදුවීම අදටත් මාලදිවයිනේ "මාධු" දුපතේ සිදු වෙනවා. මෙම අලංකාරවත් ආලෝකය විමෝචනය කරන මෙම ජීවින් විශේෂය ෆයිටොප්ලැන්ක්ටන් (fytoplankton) නමින් හැඳින්වෙනවා.













කැටටුම්බෝ අකුණ

මෙම අපුර්ව වායුගෝලීය සංසිද්ධිය "සධාතනික අකුණ" යනුවෙන්ද හඳුන්වනවා. වෙනිසියුලාවේ කැටටුම්බෝ ගංගාවට කිලෝමීටර් 5 ක් පමණ ඉහල අහසේ ඇති විශාල අකුණු වලාවන්ගෙන් තමයි මේවා ඇතිවෙන්නේ.. එම අකුණු සැර දවසකට පැය 10ක් පමණ සහ රාත්‍රීන් 160 ක් පුරාවට අදටත් ඇති වෙනවා.
















ව්‍යාජ සුර්යයන්

සුර්යයාගේ දෙපැත්තෙන් දීප්තිමත් ස්ථාන දෙකක් පිහිටා තිබීමේ මෙම අපුර්ව වායුගෝලීය සංසිද්ධිය (මොක් සන්ස් / ෆැන්ටම් සන්ස් ) යනුවෙන් හඳුන්වනවා. එය ඇති වන්නේ ඉහල අහසේ පිහිටා ඇති අයිස් තැටියක් වැනි කෙඳි වලාකුළු නිසා හෝ අධික ශීත කාලගුණය හේතුවෙනි.. එවැනි අවස්ථාවකදී සුර්ය ආලෝකය වර්තනය වීම නිසා තමයි මෙවැනි සංසිද්ධියක් ඇති වෙන්නේ.





















සොබාදහම අතිශයින්ම විශ්මයජනකයි. අපිට සිතාගනීමටවත් නොහැකි දේවල් මේ සොබාදහම තුල සිදු වෙනවා.. මේ රුප පෙළ දකින ඔබට සොබාදහමට කෙතරම් අපුර්ව දේවල් නිර්මාණය කිරීමට හැකියාවක් තිබේදැයි සිතාගනීමටවත් නොහැකි වේවි

Post a Comment

Powered by Blogger.