උතුරු ස්පාඤ්ඤයේ Sima de los Huesos කියන ස්ථානයෙන් සොයා ගත් පූර්ව මානවයෙකුගේ කලවා අස්ථියක් තමයි මීට මූලික පදනම.මේ අස්ථිය අයත් වෙන්නේ මීට අවුරුදු 400 000 කට පමණ ඉහතදී ජීවත් වුනු හොමිනින් (Hominin) නම් මානව විශේෂයකට.
මානව පරිණාමය සම්බන්ධ පර්යේෂණ කටයුතු කරන මැක්ස් ප්ලාන්ක් (Max Planck) විද්‍යා ආයතනයේ මැතියස් මේයර් (Matthias Meyer) නම් විද්‍යාඥයා විසින් මෙම අස්ථියෙන් DNA අනු වෙන් කර ගන්න සමත් වෙලා තියෙනවා.මේ වනවිට පැහැදිලිව වෙන් කර ගැනුණු පැරණිතම මානව DNA වෙන්නේ මේවා.මීට පෙර පැරණිම මානව DNA ලෙස සැලකුනේ වසර 100 000ක් පමණ පැරණි නියැන්ඩතාල් DNA නියැදියක්.
මෙම DNA පරීක්ෂා කිරීමේදී විද්‍යාඥයන්ට පැහැදිලි වුනා මෙම අස්ථියේ හොමිනින් DNA වලට අමතරව ඩෙනිසොවාන් (Denisovan) නම් උප මානව විශේෂයේ DNA පවතින බව.මෙම මානව විශේෂය මීට වසර 410 000කට පෙර සයිබීරියාවේ ජීවත් වූ බව සැලකේ.හුදකලා ගුහා සංකීර්ණයක වෙනත් මානව විශේෂයන්ගෙන් වෙන්ව පරිණාමය වූ මොවුන් වෙනත් මානව විශේෂ සමග සම්බන්දතාවයක් නොපැවැත්වූ බවයි විද්‍යාඥයන් විශ්වාස කලේ.
කෙසේ නමුත් මෙම හුදකලා මානව විශේෂයට අයත් DNA උතුරු ස්පාඤ්ඤයෙන් හමු වීම විශාල අභිරහසක් වන අතර විකල්ප ධාරාවේ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පිටසක්වල ජීවින් විසින් විවිධ පර්යේෂණ අනුසාරයෙන් මිනිස් පරිනාමයට සහය දුන් බවට මෙය විශාල සාක්ෂියක් වන බවයි.
Post a Comment