ප්‍රියන්ත හැමදාම අවදි උනේ ඇද්දුම් කන යටි පතුල හරි හිරවෙච්ච පපුව හරි අතගාන ගමන් මයි .රස්සාව පටන් ගත්තත් හරි මොන පුරුවේ හතුරු කමක්ද මන්දා ගනකම් සපත්තු දෙකක් දාන්නේ නැතුව නිරුවත් කකුල් වලින් පොලව පාගන්න බැරි ප්‍රශ්නයක් ප්‍රියන්තට තිබුනා . නිකන් හරියට ගිනි පෙට්ටියකට අත පිච්චෙනවා වගේ ... කොතැන ගියත් කොහෙම හරි තිබිච්ච තියුණු දෙයක් ප්‍රියන්තගේ කකුලේ ඇනුනා.හරියට කුඩේකින් වෙඩි තියන්න වගේ දාහක් මිනිස්සු රබර් කටු දෙකක් වත් නැතුව ඇවිදින මහපොළවේ ප්‍රියන්ත ඇවිද්දොත් කොහෙන් හරි කටුවක් මතුවෙලා ප්‍රියන්තගේ කකුලේ ඇනුනා ... අහ්හ් ඒක විතරද ප්‍රියන්ත කාරයා ආවරණයක් නැතුව කොහේ හරි හිටියොත් මොන නියන් කාලෙක උනත් පොදක් වැටිලා මිනිහට ඇදීම හැදෙනවා ... ආයේ ඉතින් සතියකට ඒ මනුස්සයාගේ ගොරොද්දේ අහන්න වෙන එක ආයේ අලුත් දෙයක් නෙවෙයි ....
ටවුමටම හිටිය එකම කුඩ සහ සපත්තු සාදන්නා වෙච්ච ප්‍රියන්තට සල්ලි බාගෙන් එහෙම අඩුවක් නොතිබුනත් කලින්ම කියපු අවුල් හින්දා ප්‍රියන්තගේ ජීවිතේ ගෙදරටයි වැඩකරන තැනටයි විතරක් සීමා වෙලා තිබුනේ ... තමන්ටම කියලා වෙන්කර ගත්ත ජීවිතයක් කුරා කුබියෙකුටවත් කරදරයක් නැති ජීවිතයක් ප්‍රියන්ත ගෙව්වා ... ඒ වගේමයි ඇලඩින් ගේ පහනේ භූතයා ටවුමට ඇවිත් වර තුන දෙන්න ප්‍රියන්තව හොයනවා කිව්වත් මිනිහ නෙවෙයි ගෙදර ඉන්න වෙලාවක එලියට බැස්සේ .... ටවුමේ මිනිස්සු කතාවටත් කිව්වේ ප්‍රියන්තයගෙන් කරදරයක් තියෙන්නේ මිනිහගේ ගෑණිට විතරයි කියලා .... ඔන්න ඕකයි මට හැමතිස්සෙම පෙනුන ... වයසින් තරුණ පෙනුමෙන් වැහරුණ ප්‍රියන්තගේ ජීවිතය .... මට හැමතිස්සෙම පෙනුනා කිව්වේ මම ප්‍රියන්ත ගැන ඔත්තු බැලුවේ නෑ ඉතින් ඒත් මම කරන රාජකාරියේ හැටියට මට මිනිහව හැමතිස්සෙම පෙනුනා ....
---------------------------------------------------------------------------------------------------------------------
ඔය කුඩ්ඩා....!..ඕකට නම් හොඳක් වෙන්න එපා .... අපේ ලොකු තැන කතාව පටන් ගන්නෙම ඔහොමයි ... මිනිහා කුඩ්ඩ කිව්වේ ප්‍රියන්තට ......
ඕකා ඊයෙත් කුඩ දහයකට එහා හැදුවා මම බලාගෙන ... අයි යකෝ කුඩ කැඩුනා නම් මිනිස්සු නිකන් යනවා ... යන්නම බැරිනම් අලුත් කුඩයක් ගන්නවා .... කුඩයක් ගන්න බැරිනං නොයා ඉඳීවි ... මේ මුකලන් බස්සා හින්ද මගේ වටිනාකම මෙලෝ රහක් නැති වෙලා තියෙන්නේ ....ලොක්කා අම්ම මෝ නැතුව ප්‍රියන්තයට බනින එක මට ඉතින් සාමාන්‍ය දෙයක් ... ඊළඟට දෙවෙනියා
ඕකා ඊයෙත් සපත්තු තොගයක්ම හැදුවා ... සෙරෙප්පු කැඩුනා නම් උන්දැල නිකන් යනවා ... යන්නම බැරිනම් කුට්ටමක් ගන්නවා ........ මේ මෝඩයා හින්ද මේ ටවුමට මට මගේ වටිනාකම හරියට පෙන්න ගන්න වෙන්නේ නෑ ....
අපි මිනිහව තද කරමු ..... ලොකු තැන් දෙකම ඒකමතිකව තීරණය කරා ....
------------------------------------------------------------------------------------
කුඩ්ඩ හිටියේ ජීවිතේ ගැන අන්තෙටම කලකිරිලා, තමන්ගේ එකම දරුවා ඉපදෙන දවසේ තමන්ගේ නෝනා ළඟ ඉඳන් කුලුඳුලේම පොඩි එකාගේ මුණ බලන්න බැරි වෙච්ච තමන්ගේ දුර්වල ජීවිතේ ගැන කලකිරිලා .... පොඩි එකත් වඩන් මිදුලේ සාමාන්‍ය මිනිහෙක් වගේ දුවන්න බැරි තමන්ගේ කාලකන්නි ජීවිතේ ගැන පසුතැවීමක් මිසක් සතුටක් කුඩ්ඩට තිබුනේ නෑ .... මිනිහා දවසක් හරි ජීවත් උනා නම් ජීවත් උනේ තමන්ගේ දරුවගේ අනාගත කල දසාව ගැන හිතල මිසක්ක ජීවත් වෙන්න ඕනේ කමකට නෙවෙයි ... මම හිතන්නේ මිනිහට දැනිලා තිබුනා තමන්ට තව ලොකු කාලයක් නෑ කියලා ... ඒක නිසාමද කොහෙද කුඩ්ඩ තමන්ගේ නෝනට තමන්ගේ කර්මාන්තය ගැන කියලා දුන්නේ .........
මම සාමාන්යෙන් කුඩ්ඩට කැමතියි ... ඒක නිසාමද මන්දා වැඩ රාජකාරි අතරේ කුඩයක දෙකක එහෙන් මෙහෙන් හැප්පිලා කුඩ්ඩට වැඩක් දෙකක් එහෙම හොයල දුන්නේ ... ඒ දේවල් ඉතින් මම විතරක් දන්න රහස් .....
-----------------------------------------------------------------------------------------------------------------
ලොකු තැන් දෙකේ ඉවසීම රතු ඉරි තුනක් විතර පැනලා තිබුනේ ... ඒ දෙන්නගේ සැනසීම වෙනුවෙන් කුඩ්ඩට පාඩමක් උගන්නන්න දෙන්නම තීරණය කරලා තිබුණා ...
ඒත් මේත් නෙවෙයි තමුසේ මම කියන වැඩේ කරනවා ... ඉතුරු ටික මම බලා ගන්නම් .... ලොක්කා ගෝරනාඩු කරා .... මමයි කියල මොනවා කරන්නද
---------------------------------------------------------------------------------------------------------------
එදා කුඩ්ඩට හොඳ දවසක් උනේ නෑ .... වැඩ ඉවර වෙලා වෙනදටත් වැඩිය අමාරුවෙන් ආපු කුඩ්ඩට වැඩි වෙලා නිදා ගන්න උනේ නෑ ... වැස්සත් එක්ක ආපු හුළඟ දරා ගන්න බැරිවෙච්ච පොල් අත්තක් හරියටම මිනිහා නිදා ගන්න ඇඳ උඩින් වහලට වැටුනේ උළුකැට දෙක තුනක්ම එහාට මෙහාට කරන ගමන්මයි ...
ලෑස්ති වෙලා නොහිටිය වෙලාවක සීලීමත් කාන්දු කරන් කුඩ්ඩ හ්ම්ම්ම් ප්‍රියන්තව තෙමුවේ සාහසික විදියට ...
පිණි බෑවත් ලෙඩ වෙන ප්‍රියන්තට ඒ සීතල වතුර දරා ගන්න ගොඩක් අමාරු වෙන්න ඇති ... මම දකින වෙලාවෙත් ප්‍රියන්තගේ තොල් දෙකේ ප්‍රියන්ත යන්න කලින් ඉතුරු කරලා තිබුන ඒ ලස්සන හිනාව එහෙම්මම තිබුනා .........
ලෑස්ති වෙලා නොහිටිය වෙලාවක සීලීමත් කාන්දු කරන් කුඩ්ඩ හ්ම්ම්ම් ප්‍රියන්තව තෙමුවේ සාහසික විදියට ...
පිණි බෑවත් ලෙඩ වෙන ප්‍රියන්තට ඒ සීතල වතුර දරා ගන්න ගොඩක් අමාරු වෙන්න ඇති ... මම දකින වෙලාවෙත් ප්‍රියන්තගේ තොල් දෙකේ ප්‍රියන්ත යන්න කලින් ඉතුරු කරලා තිබුන ඒ ලස්සන හිනාව එහෙම්මම තිබුනා .........
හරිම චාම් .... ඒත් මනුස්සකම අඳුනන මිනිස්සු පිරිච්ච සමුගැනීමේ සාදයකට පස්සේ ප්‍රියන්තගේ මතකය කනත්තේ ඈත කොනක කොතක් නැති පස් කණ්ඩියක් විතරක් වෙලා බොඳ වෙලා තිබුනා ....
--------------------------------------------------------------------------------------------------------------
මට කුඩ්ඩ නැතුව පාලුයි .... ලොක්ක කිව්වේ මාරම හැගීම් බරව ....
මට කියන්න හොඳ ඒවා ආවත් .... ඉතින් ඔය ගොල්ලන්ට ඕනේ උනේ මිනිහගෙන් මිදෙන්න නේ ... දැන් ඔය වෙලා තියෙන්නේ ....
ඒ උනාට ...........
ලොක්ක අඬන්න වගේ ...
ඒ උනාට මම කරපු මේ ඒකාකාරී රස්සාවට වෙනසක් ආවේ ප්‍රියන්ත නිසා .... මිනිහා ගැන ඔත්තු බලන එක මට විනෝදයක් වෙලා තිබුනා .......
තව ටික දවසකින් ප්‍රියන්තගේ පවුල ආයේ බිස්නස් එක පටන් ගනීවි .... එතකොට එයා ගැන ඔත්තු බලන්න ... මම කිව්වා නෙවෙයි කියවුනා ........
එහෙම නෙවෙයි අපිට මිනිහගේ මරණේ ගැන උනත් වගකීමක් තියනවා ... මිනිහගේ සොහොන විතරයි නේ කොතක් වත් නෑ නේ ... අපි ඒ සොහොනේ මල් ගස් ඉන්දමු .... ඔයා හොඳ සුවඳ ගහන මල් වර්ගයක් එතනට ගිහින් දාන්න දෙවනියා පැල කරයි මම සාත්තු කරන්නම් ....
ප්‍රියන්තගේ සොහොනේ මල් පල කරන්න ගත්ත තීරනෙන් පස්සේ නිදහස් හිතකින් මම එතනින් එන්න ආවා ....
නිමි.
ප.ලි - සුළඟ කොහෙන්ද අරන් ප්‍රියන්තගේ සොහොන ලඟින් ගිහින් දාපු මල් ඇට පොලව පැල කරා , අහස ඒවා බලාගත්තා ... කිසිම ඉඩොරෙකට මැරෙන්නේ නැති හැමදාම සුවඳ මල් පිපෙන ප්‍රියන්තගේ සොහොනේ මල් ගස් ගැන ටවුමේ මිනිස්සු කතා උනා ... පස්සේ පස්සේ රට පුරාමත් කතා උනා .... සොහොන බලන්න මිනිස්සු යන්න එන්න ගත්තා ... කට්ටිය නම් කිව්වේ ප්‍රියන්ත කියන්නේ සමහර විට පින් ඉවර වෙලා පොලවට ආපු දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා..
(උපුටා ගැනීමකි)
Post a Comment