1. රිවර්ස්ටන් දුර්ගය
2. කදුවැටිය
3. පිටවල පතන
ඔන්න ඔය කියන තැන් 3නෙන් පිටවල පතන වියලි කලාපෙට අයිති . කන්දේ පැති 2කෙ දේශගුණ තත්ත්ව 2කක් (අම්බුළුවාව වගේ) . මේ සේරම පාලනය වෙන්නේ දුර්ගය හරහා හමන හුළං ප්රමාණය හින්දා . ගිහින්ම මේ අත්දැකීම විදගන්න. ඉතා විශාල ප්රදේශයක් පතන හැටියට තමා පිහිටලා තියෙන්නේ, වැඩි ප්රමාණයක් තියන්නේ තෘණ ශාක . ඔබ යනවනම් යා යුතුම මාස ටික තමයි මැයි ,ජුනි.ජුලි ,අගෝස්තු කියන මාස ටික.
මෙහි ඇති දියඇලි
1. සේර ඇල්ල
2. වද්දාපැනි ඇල්ල
3. දුවිලි ඇල්ල
4. බඹර කිරි ඇල්ල
ගමන් මාර්ගය
මුලින්ම අපි මාතලේ නගරයට පැමිණ රත්තොට හරහා රිවර්සටන් වෙත ලගාවුනා, ඇත්තටම රිවර්ස්ටන් කියලා ස්ථානයක් මෙම ප්රදේශයේ විවහාර වන්නේ නැහැ. මෙම ප්රදේශය නුවරඑළිය ප්රදේශය වාගේම බටහිර රටවල දේශගුනයක් ඇති පලාතක්. නැවත බටහිරට යාම සිහිගන්වමින් රි වෙස්ටන් කියන නම හැදුනු බව කියවනවා. මෙම ප්රදේශය ලංකාවේ දැනට තිබෙන දුශ්කරම ප්රදේශවලින් එකක්.
මෙම ගමනේදී අපි මුලින්ම පසුකලේ මහ ඹබරකිරි ඇල්ල, එයට ප්රධාන මාර්ගයේ සිට 300 ක් පමන වනය තුලට යායුතු වනවා. මෙම ස්ථානය ඉතා සුන් දර ස්ථානයක් වුවත් දිය නැමට සුදුසු ස්ථානයක් නොවේ , එක් වරම අඩු වැඩි වන වතුර පහර නිසා වටිනා ජීවිත රාශියක් අහිමි වෙලා අවසන්, මෙම ස්ථානයේ ඇති වැල් පාලම මෙයට ගෙනෙන අසිරිය අනර්ඝයි.
මෙම වැල් පාලමෙන් එගොඩවී 50 m ක් පමන ගිය විට කුඩා ඹබරකිරි ඇල්ල හමුවනවා.මෙය ඔබ මාතලේ හරහා රිවෙස්ටර්න් යනවනම් නැරඹිය යුතුම ස්ථානයක්.
ඉන් අනතුරුව සුලං කපොල්ල එසේ නැත්නම් ටවර් කුලුණු තිබෙන ස්ථානය හමුවෙනවා .
ඇතින් පෙනෙන මානිගල ගැන විස්තරයක් එම ස්ථානයේ සිටින පුද්ගලයෙකුගෙන් අපි අසාගත්තා, මේ මානිගල සුවුශේෂ ස්ථානයක් මොකද කිවොත් මේ වාගේම මැද කොටුවක් තියන ගලක් පේරූ රටේ තියනවා. ඒක තාරකා දොරටුවක් ලෙස පරික්ෂකයන් පවසනවා. මේ පේරූ රට කියන්නේ ලොකයේ ගුරුත්ව බලය වැඩිම රට. ලංකාව කියන්නේ ගුරුත්ව බලය අඩුම රට . ඉතින් මෙම රටවල් දෙකේ පමනක් මෙවනි එක සමාන ස්ථාන දෙකක් පිහිටා තිබිම අවදානය යොමුවි ඇති කාරණයක්. මෙම ගලේ තවත් විශේශත්වයක් නම් මෙම ගල ආශ්රයෙන් වේලාව නිර්නය කිරිමට පිටවල, ඇටන්වල වැනි ගම්මාන වල ගැමියන් පුරුදූවි තිබිමයි.පිටවලපතන ප්රදේශයේ සිට මෙම ගල නිරීක්ශනය පහසුවුවත් මෙම ගමනේ සුඳරත්වය විදිමට මානිගල තරණය කලයුතු වනවා. බොහෝ වීදේශිකයන් මෙම ගල තරණය කිරිමට මෙහි පැමිනෙනවා.
මානිගල සහ පේරූ තාරකා දොරටු
ඉන් අනතුරුව අපි ගියේ පිටවල පතනට හා එහිම තිබෙන පුන්චි ලෝකාන්තයට, මේ පිටවල කියන නම හැදිලා තිබෙන්නෙ අතීතයේ හිටිය රජවරුන් වැරදිකරුවන් මෙම ප්රදෙශයට පිටිවහල් කල නිසා බවට මතයක් වෙනවා.පිටවල පතන කියන්නේ හොර්ටන් තැන්නට සමාන දේශගුනික සහ පරිසර පද්ධතියක් තිබෙන ප්රදේශයක්. මෙහි තවත් විශේෂයක් නම් හොර්ටන් තැන්න මෙන්ම මෙහිද ලෝකාන්තයක් පිහිටා තිබිමයි.
Post a Comment